ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කරන දින දැනුම්දෙයි..

Election Commission of Sri Lanka Presidential Secretariat of Sri Lanka Election Presidential Update
By Aruna Feb 29, 2024 05:06 AM GMT
Report

සැප්තැම්බර් 18 සහ ඔක්තෝබර් 18 අතර එක් දිනයකදී ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කර සිටිනවා.

මේ අනුව, ඕනෑම මැතිවරණයක් පැවැත්වීමට කොමිෂන් සභාව සූදානම් බවයි සඳහන් කර ඇත්තේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය මෙම වසරේ පැවැත්විය යුතුව තිබේ.

ඒ සඳහා අයවැය මගින් මේවන විටත් මුදල් ද වෙන්කර ඇත.

ඕනෑම මැතිවරණයක් ප්‍රකාශයටපත් කළ හොත් එය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව ඕනෑම අවස්ථාවක සූදානම් බවයි වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ.