හදිසි ජනාධිපතිවරණයකට සූදානම්..පාර්ලිමේන්තුවට විශේෂ සංශෝධනයක්.!!
Election Commission of Sri Lanka
Parliament of Sri Lanka
Ranil Wickremesinghe
President of Sri lanka
By Aruna
ජනාධිපති මැතිවරණයක් කැඳවීම සඳහා වත්මන් ජනාධිපතිවරයාට බලය ලබාදීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට රජය සූදානමින් සිටින බවට වාර්තා වනවා.
දැනට පවතින නීති අනුව ජනතා ඡන්දයෙන් පත්වන ජනාධිපතිවරයෙකුට නැවත ජනාධිපතිවරණයක් කැදවිය හැක්කේ ධුර කාලයෙන් වසර හතරක් සම්පූර්ණ කිරීමෙන් පසුවයි.
නමුත් අනුප‍්‍රාප්තික ජනාධිපතිවරයෙකුට එම නීතිමය අවසරය හිමි නොවී තිබීමද විශේෂත්වයක්.
එමනිසා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉතිරි ධූර කාලය සම්පූර්ණ කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට වසර හතරකින් ජනාධිපතිවරණය කැඳවීමට හැකිවන ලෙද ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට නියමිතයි.
ඒ හරහා රනිල් වික්‍රමසිංහ මහතාට වසර හතරකින් ජනාධිපතියරණය කැදවීමේ අවස්ථාව ලබා දීමට ව්‍යවස්ථා සංශෝධන හරහා රජය බලාපොරොත්තු වන බවයි දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |