ජනපතිවරණයක් කැඳවීම ගැන අනාවරණයක්..පත්වන නව ජනපති සහ අගමැති ගැනත් කියයි.
මීළඟට ජනාධිපතිවරණයක් කැඳවීමටත් ආණ්ඩුව කටයුතු සූදානම් කරමින් ඇති බවත් එහිදී නිර්පාක්‍ෂික අපේක්ෂකයෙකු යැයි කියමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බව ද සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා අවධාරණය කළා.
ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිදු අපේක්ෂක ඉදිරිපත් නොකරන බවත්, ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාට සහාය දක්වා වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කළහොත් නැවතත් රාජපක්ෂ වරයෙක් අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීමේ එකඟතාවයට පැමිණ ඇති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළා.
මේ අතර මෙරට දැවැන්තම දේශපාලන සන්ධානය නුදුරේදීම ආරම්භ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
කඩා වැටුනු රට නගා සිටුවිය හැකි එකම වැඩපිළිවෙළ පවතින්නේ සමඟි ජන සන්ධානයට බවයි විපක්ෂනායකරවරයා සඳහන් කළේ.
සෑම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයකම නිශ්පාදන කර්මාන්ශාලා ආරම්භ කිරීම සමඟි ජනබලවේගයේ වැඩපිළිවෙළ බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |