සියල්ලටම පෙර ජනාධිපතිවරණය කැදවයි..කැමති කෙනෙක් පත් කරන්න රටටම අවස්ථාවක්..

Election Commission of Sri Lanka Sri Lanka President of Sri lanka Election
By Aruna Feb 26, 2023 05:28 AM GMT
Report

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට පෙර ජනාධිපතිවරණයක් කැඳවීම සම්බන්ධයෙන් රජය සැලසුම් සකස් කරමින් සිටින බව ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග කියා සිටිනවා.

පළමු වරට ජනාධිපති ධුරයට පත්වන අයෙකුට එම පත්වීමෙන් පසු වසර හතරක් ඉකුත් වූ පසු යළිත් ජනාධිපතිවරණයක් කැඳවීමට ප්‍රකාශ කළ හැකි බව ව්‍යවස්ථාවේ සඳහන් වනවා.

නමුත් එසේ කැඳවීමට පෙර ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථ නිරූපණයක් ලබා ගැනීමට නියමිතව ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දරන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පළමු ධුර කාලයේ ඉතිරි කොටසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වී වසර හතරක් සම්පූර්ණ වන්නේ මෙම වසරේ නොවැම්බර් 17 වන දාටයි.

වික‍්‍රමසිංහ මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පළමු ධුර කාලයේ අනුප්‍රාප්තික ජනාධිපති ලෙස කටයුතු කරයි.

රජයේ අදහස වන්නේ පළමු ධුර කාලය වසර 4 ඉකුත් වීමත් සමග නව ජනාධිපතිවරණයක් කැදවීමට රනිල් වික්‍රමසිංහ මහතාට ද අවස්ථාව හිමි වනු ඇති බවටයි.

ඒ අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වීමට බොහෝ ඉඩකඩ ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now