ජනාධිපතිවරණය තවත් උණුසුම් වෙයි..ජනාධිපතිවරණ සටනට එක්වුණු නවතම දෙදෙනා..

Election Commission of Sri Lanka President of Sri lanka Presidential Update Sri Lanka Presidential Election 2024
By Sithumini Jul 25, 2024 07:12 AM GMT
Report


මේ වන විට මේ වසරේ ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම පවත්වන බවට ප්‍රකාශ වෙලා තිබෙනවා.

ඒ අනුව එම මැතිවරණය පැවැත්වෙන දිනය මෙම සතිය තුළ ප්‍රකාශයට පත් කිරීමටද නියමිතයි. එමෙන්ම අද දිනයේ මැතිවරණ කොමිසම පවත්වන විශේෂ රැස්වීමක් ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එවැනි පසුබිමක ජනාධිපතිවරණය සදහා තමන් ඉදිරිපත්වන බවට අද දෙදෙනෙකු ප්‍රකාශ කළා. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන බව නිවේදනය කළා.

සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව අද උදෑසන ප්‍රකාශ කර තිබුණා. ශ්‍රී ලංකාව සංවර්ධනය කරා ගෙන යාමට නම් දුෂණය නතර කළ යුතු බව ඔහු එහිදි සදහන් කර තිබුණා.

ඒ අනුව ඔහු කුමන පක්ෂෙන් හෝ සන්දානයකින් ඉදිරිපත් වන්නේද යන්න පිළිබදව සදහනක් එහි නැහැ.

එවැනි පසුබිමක තමාද ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වෙන බව විජයදාස රාජ්පක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර සදහන් කර තිබෙනවා. අද පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබුණා.  

Gallery

Sri Lanka Parliamentary Election 2024

  • NPP 6863186 | 159 Seats
    Jathika Jana Balawegaya
    61.56%
  • SJB 1968716 | 40 Seats
    Samagi Jana Balawegaya
    17.66%
  • NDF 500835 | 5 Seats
    New Democratic Front
    4.49%
  • SLPP 350429 | 3 Seats
    Sri Lanka Podujana Peramuna
    3.14%
  • OTHERS 1464840 | 18 Seats
    All Other Parties
    13.14%