පොලිස්පති ඉවත් කිරීම ජනාධිපතිවරණය පැවැත්වීමට බාධාවක්ද..? නවතම අනාවරණය
Election Commission of Sri Lanka
Election
Presidential Update
By Sithumini
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඉවත් කිරීමේ අතුරු තහනම් නියෝගයක් අද ශ්‍රේෂ්ඨාධිකරණහ නිකුත් කිරීමත් සමග මේවන විට සමාජයේ ඒ පිළිබදව දීර්ඝ කතාබහක් නිර්මාණය වී තිබෙනවා.
එවැනි පසුබිමක මෙම තත්වය රටේ ඉදිරියේදි පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය බාධාවක් වෙයිද?
ඒ පිළිබදව අද මැතිවරණ කොමිසමෙන් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
කෙසේවෙතත් පොලිස්පතිවරයා ඉවත් කිරීම ජනාධිපතිවරණය පැවැත්වීමේ කටයුතු සදහා බාධාවක් නොවන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පවසනවා.
අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි ඔහු මේ බව ප්‍රකාශ කළා.
කෙසේවෙතත් යම් හෙයකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් සිදුවුවහොත් ජනාධිපතිවරණය සහ මහමැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාවට හැකියාව පවතින බවද ඔහු එහිදි සදහන් කළා.
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%