ජනාධිපතිවරණය ගැන ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්..

Ranil Wickremesinghe President of Sri lanka Election Presidential Update Sri Lanka Presidential Election 2024
By Sithumini Jul 23, 2024 09:42 AM GMT
Report


විපක්ෂය කුමන මත පළ කළද තමා ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අයවැයෙන් මුදල් වෙන්කලේ ජනාධිපතිවරණයට පමණක් බැවින් අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පවත්වන බවයි ජනාධිපතිවරයා සදහන් කළේ.

ඔහු මේ බව කියා සිටියේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී රැස්වූ අවස්ථාවේදී.

විපක්ෂය මේ වන විට තමා ජනාධිපතිවරණය නොපැත්වීමට උත්සාහ කරන බව පැවසුවත් එය එසේ නොවන බවයි ජනාධිපතිවරයා සදහන් කළේ.

එමෙන්ම පසුගිය සමය ඉතාම දුෂ්කර කාලයක් වූ බවත් පැවසූ ජනාධිපතිවරයා එම දුෂකර කාලය තුළ ආණ්ඩුව පවත්වාගෙන යාමට ලබාදුන් සහයෝගය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ස්තූතිවන්ත වන බවද ප්‍රකාශ කළා.

Sri Lanka Parliamentary Election 2024

  • NPP 6863186 | 159 Seats
    Jathika Jana Balawegaya
    61.56%
  • SJB 1968716 | 40 Seats
    Samagi Jana Balawegaya
    17.66%
  • NDF 500835 | 5 Seats
    New Democratic Front
    4.49%
  • SLPP 350429 | 3 Seats
    Sri Lanka Podujana Peramuna
    3.14%
  • OTHERS 1464840 | 18 Seats
    All Other Parties
    13.14%