21 ද? 28 ද? ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ගැන ලැබුණු අලුත්ම ආරංචිය..

Election Commission of Sri Lanka Election Local government Election Sri Lanka Presidential Election 2024
By Sewvandhi Jul 22, 2024 03:50 PM GMT
Report

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය මැතිවරණ කොමිසම මඟින් මෙම සතිය තුළ ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව වාර්තාවනවා.

ඒ අනුව ජනාධිපතිවරණ ඡන්ද විමසීම බොහෝදුරට සැප්තැම්බර් 21 වැනිදා හෝ 28 වැනිදා පැවැත්වෙනු ඇති බවයි  වැඩිදුරටත් වාර්තා වන්නේ.

2024 ජනාධිපතිවරණය මේ වසරේ සැප්තැම්බර් 16 සහ ඔක්තෝබර් 15 අතර පැවැත්වීම අනිවාර්ය වන අතර එය තීන්දු කෙරෙන්නේ ජනාධිපතිවරණ පනත සහ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සැලකිල්ලට ගනිමිනි.

ඒ අනුව මෙවර ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය මැතිවරණ කොමිසම මෙම සතිය තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව පැවසෙනවා.

එය ප්‍රකාශයට පත් කළ දින පටන් දින 16ත් 21ත් අතර කාලය තුළ දිනක නාමයෝජනා භාරගැනීම සිදුකෙරෙන අතර අනතුරුව නාමයෝජනා භාරගත් දිනයේ සිට දින 28ත් දින 42ත් අතර කාලය තුළ ජනාධිපතිවරණ ඡන්ද විමසිම පැවැත්විය යුතු වේ.

ඡන්ද විමසීම අනිවාර්යෙන්ම සෙනසුරාදාවක පැවැත්වෙන අතර ඒ අනුව ජනාධිපතිවරණය බොහෝදුරට සැප්තැම්බර් 21 වැනිදා හෝ 28 වැනිදා පැවැත්වෙනු ඇති බව වාර්තා වෙයි.

මේ අතර,  ප්‍රචාරණය නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසන්නේ, මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කළ වහාම ජනාධිපතිවරණයට අදාළ තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු ආරම්භ කරන බවයි.

අද (22) පැවති මාධ්‍ය හමුවක දී ඒ සඳහා වන සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව නියෝජ්‍ය තැපැල්පතිවරයා පැවසුවේය. තැපැල් ඡන්ද හා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු පිළිබඳව ද නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා මෙහිදී පැහැදිලි කළේය.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව සියලුම නිවාසවලට බෙදාහැරීම සඳහා 8,000ක සේවක පිරිසක් යොදා ගැනීමට සැලසුම් කර ඇති බවයි, එහිදී ඔහු පැවසුවේ. එමෙන්ම තැපැල් ඡන්ද සඳහා අදාළ සියලුම ලිපි ලේඛන ආරක්ෂිත හුවමාරු කිරීම සඳහා ද තැපැල් දෙපාර්තමේන්තු බැඳී සිටින බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.