අද සිට දිවයින පුරා කාලගුණික තත්ත්වය වෙනස් වෙයි..

Sri Lanka Weather
By Aruna Jan 20, 2023 01:09 AM GMT
Report

ඉදිරි දිනවල දී දිවයිනේ නැඟෙනහිර සහ ඌව පලාත්වල පවතින වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව ඌව පළාතේත් අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්වලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි යි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති.

ඌව සහ උතුරු පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝ මීටර් 40ක පමණ තරමක් තද සුළං ද ඇති විය හැකි බව යි වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now