අද සිට විදුලිය කපන වෙලාව වැඩිකරයි..ගාස්තුවත් 69%කි වැඩි වෙයි..

Sri Lanka Ceylon Electricity Board
By Aruna Jul 19, 2022 11:59 PM GMT
Report

විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා විදුලි කප්පාදුව හෙට (20) දිනයේ පැය 3 යි මිනිත්තු 40 ක් දක්වා දීර්ඝ කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඊයේ (19) පස්වරුවේ පැවසීය.

ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට දිවා කාලයේ පැය 2 යි මිනිත්තු 20 ක් ද, රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 20 ක් ද, ලෙස විදුලිය කප්පාදු කරන බවත් ඈ බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා වැඩ දුරටත් කීය.

මේ අතර එළැඹෙන අගෝස්තු මාසයේ සිට විදුලි බිල ඉහළ ද වැඩිවීමේ ප්‍රවණතාවයක් ඇතැයි මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.

ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි නිෂ්පාදන පිරිවැය ආවරණය කිරීම මෙමගින් බලාපොරොත්තු වන බව එහි සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

130%ක පමණ විදුලි බිල වැඩි කිරීමක් මුලින් ඉල්ලුම් කර තිබුණද 69%ක පමණ විදුලි බිල වැඩි කිරීමට අනුමැතිය දී ඇතැයි ද හෙතෙම තව දුරටත් සදහන් කලේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery