පැය 12ක විදුලි කප්පාදුවක් ගැන අනතුරු ඇඟවීමක්.
එළඹෙන සැප්තැම්බර් මාසයෙන් පසුව ප්‍රමාණවත් පරිදි ගල් අඟුරු නොලැබෙන්නේ නම් නොරොච්චෝල විදුලි බලාගාරයේ විදුලි උත්පාදනයට බාධා සිදු වනු ඇති බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.
එහි සභාපති ජනක රත්නායක මහතා පෙන්වා දෙන්නේ එසේ වුවහොත් වසර අවසානයේ දවසින් බාගයක් විදුලිය කප්පාදු කිරීමේ අවදානමක් මතු වී ඇති බවයි.
ගල් අඟුරු මෙට්‍රික් ටොන් ලක්ෂ පහක් දැනට ඇති බවත් සැප්තැම්බර් මාසයෙන් පසුව ඊළඟ මාර්තු මාසය තෙක් මෙට්‍රික් ටොන් ලක්ෂ 25 ක් අවශ්‍ය ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
එම ප්‍රමාණය හා ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන 800 වැයවන බව ද පැවසූ ඔහු එම ගල් අඟුරු ප්‍රමාණය මිලදී ගැනීමට නොහැකි වුවොත් විශාල විදුලි අර්බුදයක් ඇති වන බවද කියා සිටියේය.
දැනට ලෝක වෙළඳපොළේ ගල් අඟුරු මිල තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බව ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් ජාතික පද්ධතියට මෙගා වොට් 900 ධාරිතාවක් එකතු කරමින් සිටී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |