වර්ජනයේ නිරත තැපැල් සේවකයින් සදහා දැඩි තීරණයක්..
Sri Lanka
By krishani
වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයට වාර්තා නොකළහොත් වර්ජනයේ නිරත තැපැල් සේවකයින් සේවය අතහැර ගියා සේ සලකා ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් අද (02) දින මේ සම්බන්ධයෙන් වෘත්තිය සමිති වෙත ලිඛිතව දැනුම් දීමට කටයුතු කරන බවත් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේය
රට තුළ පවතින අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පමණක් දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාල සහ උප තැපැල් කාර්යාල විවෘත කිරීමට පසුගියදා තීරණය කර තිබුණු අතර ඊට විරෝධය පළකරමින් පසුගිය 26 වනදා සිට තැපැල් වෘත්තිය සමිති වර්ජනයක් ආරම්භ කර තිබිණී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |