මුදල් හුවමාරුව සම්බන්ධයෙන් තැපෑලෙන් කරන්න යන අලුත්ම වැඩේ මෙන්න..

Sri Lanka
By Aruna Aug 14, 2022 05:21 AM GMT
Report

තැපැල් කාර්යාල හරහා මුදල් ඇනවුමක් භාවිතයෙන් ප්‍රේෂණය කළ හැකි උපරිම මුදල් සීමාව රුපියල් 50,000 සිට රුපියල් ලක්ෂය දක්වා වැඩි කර තිබෙනවා.

තැපැල් දෙපාර්තමේන්තුව පැවසුවේ, වර්තමාන පාරිභෝගික අවශ්‍යතාවයන් හා වෙළඳපල තරගකාරීත්වය පිළිබඳ අවධානය යොමු කරමින් එම පියවර ගත් බවයි.

මේ අතර හෙට සිට ක්‍රියාත්මක වන පරිදි දේශීය තැපැල් ගාස්තු ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව සාමාන්‍ය හෝ ව්‍යාපාරික ලිපියක තැපැල් ගාස්තුව රුපියල් 15 සිට රුපියල් 50 දක්වා ඉහළ දමා ඇති බවයි තැපැල් දෙපාර්තමේන්තුව පැවසුවේ.

ලියාපදිංචි ලිපියක තැපැල් ගාස්තුව ඉහළ දමා ඇත්තේ රුපියල් 30 සිට රුපියල් 60 දක්වායි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now