තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දින අහෝසි වෙයි.
Election Commission of Sri Lanka
Sri Lanka
Sri Lankan local elections 2023
By Wayomi
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අප්‍රෙල් 25 වනදා පැවැත්වීමට නියමිත වූවද ඊට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමට නියම තිබූ දින කල්දමා බව මැතිවරණ කොමිසම නිවේදනය කරනවා.
ඒ, අනුව තැපැල් ඡන්ද සලකුණු කිරීම, පෙර ප්‍රකාශයට පත් කර තිබූ මාර්තු 28, 29, 30, 31 හා අප්‍රේල් 03 යන දිනවලදී සිදු නොකෙරේ.
මීට අමතරව පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ඉදිරි කාලයේ තීරණයකට එළඹෙනු ඇති බවද අදාළ නිවේදනයේ සඳහන්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |