කෝටියකට වැඩි ජල බිල්පත් ගෙවීම් පැහැර හැරී දේශපාලඥයන් 60කට රතු එළි.

Sri Lanka Politician Water Cut
By Wayomi Aug 21, 2022 08:10 AM GMT
Report

ජල බිල්පත් ගෙවීම පැහැර හැර සිටින දේශපාලඥයන් 60 දෙනකුගේ ජල සැපයුම විසන්ධි කිරීමට ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය තීරණය කර තිබෙනවා.

එම ජල බිල්පත්වල මුළු වටිනාකම රුපියල් කෝටියකට වැඩි බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

මෙලෙස ජල බිල ගෙවීම පැහැර හැර සිටින පිරිසට ඇමැතිවරු මන්ත්‍රීවරු සහ හිටපු මැති ඇමැතිවරුද ඇතුළත්.

මීට අමතරව ජල බිල්පත් ගෙවීම පැහැර හැර මියගොස් සිටින මැති ඇමැතිවරුන් පිරිසක් පිළිබඳවද වාර්තා වී තිබෙනවා.

විදුලි බිල්පත් ගෙවීම පැහැර හැර සිටින විශ්‍රාමික මැති ඇමැතිවරුන්ගේ එම හිඟ මුදල් විශ්‍රාම වැටුපෙන් අයකර ගැනීමේ හැකියාව පිළිබඳවද සොයා බලා ගෙන යන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ප්‍රකාශකයෙක් කියා සිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW