මන්ත‍්‍රීවරයෙක් කොරෝනාවෙන් මිය යයි… ඔහු ප්‍රසිද්ධ සමාජ සේවකයක්.

Sri Lanka Covid death Rohana Sri jayarathne Galle bope
By Aruna Dec 20, 2021 11:08 PM GMT
Report

බෙන්තොට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු මෙන්ම ප්‍රසිද්ධ සමාජ සේවකයකු වූ බෙන්තොට බෝපේ ප්‍රදේශයේ පදිංචිව සිටි තන්ත්‍රිගේ රෝහණ ශ්‍රී ධර්මරත්න මහතා කොවිඩ්-19 ආසාදිත වීමෙන් කලුරිය කළේය.

2018 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයෙන් එක්සත් ජාතික නිදහස් පෙරමුණ පක්ෂය නියෝජනය කරමින් බෙන්තර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ලෙස මිය යන තෙක්ම වසර තුනකට වැඩි කාලයක් කටයුතු කර තිබෙන රෝහණ මහතා මිය යන විට 65 වැනි වියේ පසු වූ අතර ඒ මහතා දරුවන් දෙදෙනකුගේ පියෙකි.

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now