මෙරට පක්ශ කාර්යාලකට ගිනි තබයි..?

Election Commission of Sri Lanka Sri Lankan political crisis UNP Election
By Sithumi Jan 14, 2023 05:57 PM GMT
Report

එක්සත් ජාතික පක්ෂයේ වාරියපොල කාර්‍යාලයට පිරිසක් විසින් ඊයේ රාත්‍රියේ ගිනි තබා ඇතැයි පොලිසියට පැමිණිලි කර තිබෙනවා. 

ජනතා විමුක්ති පෙරමුණේ පිරිසක් විසින් මෙම ගිනි තිබීම කරන ලද බවයි වාරියපොල එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධනුෂ්ක බාලසූරිය මහතා විසින් කරන ලද පැමිණිල්ලේ දැක්වෙන්නේ.

 තමාට තර්ජනය කරමින් එම ගිනිතැබීම සිදුකර ඇති බවත් තමන් විසින් එම පිරිස හඳුනා ගත් බවද ඔහු පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් වනවා 

ජනාධිපතිවරයා ගේ පින්තූරය සහිත කටවුට් කිහිපයකට ද මෙම පිරිස ගිනි තබා ඇති බව ද සංවිධායකගේ පැමිණිලි දැක්වෙයි.