අප්‍රේල් අවසානයේ මෙරට දේශපාලනයේ ප්‍රබල වෙනසක්?..

Ranil Wickremesinghe Sri Lankan political crisis
By Aruna Apr 19, 2023 12:45 AM GMT
Report

කල්මරමින් පැවති ඇමති මණ්ඩල සංශෝධනයත්, නියමිත සේවා කාලය අවසන් වී සිටින ආණ්ඩුකාරවරුන් පත් කිරීම සහ දැනට පුරප්පාඩු වී පවතින තානාපතිවරුන් 12දෙනා පත් කිරීමත්, අප්‍රේල් මස අවසන් වීමට පෙර සිදුකිරීමට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින බව ආණ්ඩුවේ ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

එම ආරංචි මාර්ගවලට අනුව දැනට කාලය අවසන්ව සිටින ආණ්ඩුකාරවරුන් නව දෙනාම(09) ඉවත් කරන්නට යන බව ත්, ඇතැම්විට ඔවුන්ගෙන් කිහිප දෙනෙකු නැවත නම් කිරීමට ඉඩ ඇති බව ත් දැනගන්නට ඇත.

පොහොට්ටුවේ ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවලදී එකඟතාවකට පත්ව තිබුණේ, ආණ්ඩුකාරවරුන් 9 දෙනාගෙන් පස් දෙනෙකු පොහොට්ටුවෙන් ද, අනෙක් හතර දෙනා එජාපයෙන් ද පත්කිරීමටයි.

ඒ අනුව, දැනට සිටින ආණ්ඩුකාරවරුන්ගෙන් පස් දෙනෙකු පත්කිරීමට පොහොට්ටු පක්ෂය ඉල්ලා තිබිණි.

මේ අතර, එජාපයෙන් පත්කරන්නට යන ආණ්ඩුකාරවරුන් කවුරුන්දැයි එම දිනවල මාධ්‍ය මගින් නම් ප්‍රචාරය කර තිබිණි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now