සජිත් ගේ කාර්යාලයකට ප්‍රහාරයක්...

Sri Divya Sri Lanka Samagi Jana Balawegaya
By Aruna Feb 15, 2023 06:29 AM GMT
Report

අද (15) අලුයම දෙමටගොඩ සමගි ජන බලවේගයේ කාර්යාලයට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඤඤ කිහිපදෙනෙක් කඩා පැන කාර්යාලයේ තිබු ප්‍රචාරක පුවරුවලට දැඩි ලෙස හානි කර ඇතැයි මුජිබර් රහුමාන් පවසයි.

සමගි ජන බලවේගයට තරග කරන අපේක්ෂකයින් බියවද්දා කාර්යාල විනාශ කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කණ්ඩායම් යොදවමින් අලුත් සංස්කෘතියක් සිදුවීම සම්බන්ධයෙන් සජබ අපේක්ෂකයෙකු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇතැයි ද ඔහු පැවසීය.

"අදෘශ්‍යමාන බලවේග ඇවිල්ලා අද සමගි ජන බලවේගයේ ජයග්‍රහණය වළක්වන්න ජනාධිපතිතුමාගේ ආශිර්වාදය උඩ ක්‍රියාත්මක වෙනවා කියලා අපිට මනාව පැහැදිලි වෙනවා.

ඒ නිසා අපි මතක තියා ගන්න ඕනේ විශේෂයෙන්ම මේ කොළඹ නගරය තුළ ඉතිහාසයේ කවමදාවත් ප්‍රචණ්ඩක්‍රියා සිද්ධවෙලා නෑ. කිසිම ආණ්ඩුවක් බලයේ ඉන්නකොට කාටවත් දේශපාලනය කරද්දි හිරිහැර වෙලා නෑ.

වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති වුණාට පස්සේ කොළඹ ඉන්න හිටපු ඇමතිවරු මැර කණ්ඩායම් හදාගෙන බලනවා සමගි ජන බලවේගයේ ගමන නවත්තන්න." කර ඇත.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now