සියල්ලන් පිළිගන්නා අග්‍රාමාත්‍යවරයෙකු නම් කරන්න..! වැඩ බලන ජනපතිගෙන් කතානායකට විශේෂ දැනුම්දීමක්..!

Mahinda Yapa Abeywardena Ranil Wickremesinghe SL Protest Sri Lanka Anti-Govt Protest
By Sewvandhi Jul 13, 2022 03:06 PM GMT
Report

සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ආණ්ඩුපක්ෂය හා විපක්ෂය යන දෙපාර්ශවය පිලිගන්නා අග්‍රාමාත්‍යවරයකු නම් කරන ලෙස වැඩබලන ජනාධිපති හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කතානායක මහින්ද යපා අබේවර්ධන වෙත දැනුම් දි තිබෙනවා.

මේ පිළිබඳව දැනුම්දෙමින් නිකුත් කළ මාධ්‍ය වාර්තාව...

සඳුදා (11දා) අග්‍රාමාත්‍යවරයා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් සමඟ සාකච්ඡාවක් පැවැත්වීය.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට එකඟතාවක් ඇති වූ විගස එම රජයට වගකීම් පවරන බව මෙම හමුවට සහභාගී වූ සියලුම අමාත්‍යවරුන්ගේ අදහස විය.

ඒ අනුව ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය එක්ව සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවිය යුතුය ආණ්ඩුවට මෙන්ම විපක්ෂයටද පිළිගත හැකි අග්‍රාමාත්‍යවරයෙකු නම් කරන ලෙස වැඩබලන ජනාධිපති සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට දැනුම් දී තිබේ.

*අගමැති මාධ්‍ය අංශය* *07/13/2022*


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now