ජනපතිගේ හිස් වූ මන්ත්‍රී අසුනට පැමිණෙන්නේ මොහුද..?

Palitha Range Bandara Sri Lanka Vajira Abeywardena
By Sewvandhi Jul 21, 2022 10:50 AM GMT
Report

ජනාධිපති ධුරයට රනිල් වික්‍රමසිංහ පත්වීමෙන් පුරප්පාඩු වන එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පත් කරනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් අදාළ මන්ත්‍රී ධුරය පුරප්පාඩු වූ බවට නිල වශයෙන් දැනුම් දුන් පසු ඊට පත් කරන පුද්ගලයා තීරණය කරන බවයි පක්ෂ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්ඩාර සඳහන් කළේ.

පසුගිය මහ මැතිවරණයේ ඡන්ද ප්‍රතිශතය අනුව එක්සත් ජාතික පක්ෂයට එක් මන්ත්‍රී ධූරයක් හිමි වූ අතර, ඒ සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ නම් කෙරුණේද පාර්ලිමේන්තුව රැස්වී මාස ගණනාවක් ගතවීමෙන් පසුවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now