රථවාහන දඩ ගෙවන්න කියා එන මැසේජ් ගැන ශ්‍රී ලංකා පොලිසියෙන් හදිසි නිවේදනයක්

WhatsApp Latest Headlines Sinhala news Puwath.lk Traffic Jam
By R.rishma Jul 14, 2026 05:10 AM GMT
Report

රථවාහන වැරදි සඳහා දඩ මුදල් ගෙවන ලෙස දන්වමින් පොලිස් රථවාහන කොට්ඨාසය විසින් එවූ බවට හැඟවෙන කෙටි පණිවුඩ ව්‍යාජ ඒවා බව ශ්‍රී ලංකා පොලිසිය ජනතාවට දැනුම් දෙයි.

රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා සඳහන් කළේ, පොලිසිය කිසිදු අවස්ථාවක එවැනි කෙටි පණිවුඩ හෝ WhatsApp පණිවුඩ යොමු නොකරන බවයි.

එම ව්‍යාජ පණිවුඩවල, රථවාහන වැරදි කිහිපයක් සිදුකර ඇති බව සඳහන් කරමින් සතියක් ඇතුළත ලබාදී ඇති වෙබ් සබැඳිය (Web Link) ඔස්සේ දඩ මුදල් ගෙවන ලෙස ඉල්ලා සිටින බව පොලිසිය පෙන්වා දෙයි.

මෙවැනි වෙබ් සබැඳි විවෘත නොකරන ලෙසත්, ඒ හරහා පුද්ගලික තොරතුරු හෝ බැංකු ගිණුම් තොරතුරු කිසිදු අවස්ථාවක ලබා නොදෙන ලෙසත් නියෝජ්‍ය පොලිස්පතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.

එවැනි ව්‍යාජ කෙටි පණිවුඩයක් ලැබෙන්නේ නම්, වහාම ළඟම පිහිටි පොලිස් ස්ථානයට ඒ පිළිබඳ දැනුම් දෙන ලෙස ද ශ්‍රී ලංකා පොලිසිය ජනතාවට දැනුම් දී තිබේ.