ගවයින් රැගත් ලොරියකට පොලිස් වෙඩි - පුද්ගලයෙක් ජිවිතක්ෂයට.. ගවයෙකුත් තුවාල ලබයි..

Sri Lanka Police Sri Lanka
By krishani May 12, 2023 08:37 AM GMT
Report

නීති විරෝධීව ගවයින් ප්‍රවාහනය කළ ලොරි රථයකට ඇඹිලිපිටිය පොලිසිය සිදුකළ වෙඩි තැබීමක දී එම රථයේ ගමන් කළ පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත් විය.

ඒ ඇඹිලිපිටිය - මහපැලැස්ස ප්‍රදේශයේ දී රාත්‍රි මුර සංචාරයක නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු විසින් කළ වෙඩි තැබීමකින් ය. 

එම මාර්ගයේ ගමන්ගත් සැක කටයුතු ලොරි රථයක් නැවැත්වීමට පොලිසිය අණකර තිබෙනවා.

එම අණ නොතැකූ ලොරි රථයේ රියදුරා පොලිස් නිලධාරීන් අනතුරට ලක් කිරීමට තැත් කරමින් පලායාමට උත්සාහ දරා ඇත.

ඉන් අනතුරුව පොලිස් නිළධාරීන් එල්ල කරන ලද වෙඩි පහරවල් මධ්‍යයේ පලාගිය රථයේ සිටි ගවයින් කැලෑබද ප්‍රදේශයකට මුදා හැර ඔවුන් වීරකැටිය ප්‍රදේශයට පලාගොස් තිබෙනවා.

මේ අතර, වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු හම්බන්තොට රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇත.

එම ලොරි රථයේ සිටි තවත් සැකකාර තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ගවයෙකු ප්‍රදේශයේ පශු වෛද්‍යවරයා වෙත ප්‍රතිකාර සඳහා යොමුකර තිබෙනවා.

කෙසේවෙතත්, ලොරි රථය ලුහුබැඳ යන අවස්ථාවේ දී පොලිස් නිලධාරීන්ගේ රථයට බාධා කරමින් ගමන් ගත් කාර් රථයක් සම්බන්ධයෙන් ද ඇඹිලිපිටිය පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join