අතුරුදන් වූ 15 හැවිරිදි දැරියක් සෙවීමට පොලීසිය මහජන සහය පතයි - දැරිය පිළිබඳ තොරතුරු මෙන්න..(PHOTOS)

Maharagama Navinna Neha kawmadi maharagama police
By Sewvandhi Jan 11, 2022 11:37 AM GMT
Report

නාවින්න, මහරගම ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි දැරියක් අතුරුදන්ව ඇතැයි පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබේ.

එම දැරිය ජනවාරි මස 7 වන දින සිට ආගිය අතක් නොමැති බවට මහරගම පොලීසියට පැමිණිලි කර ඇත.

මෙතෙක් සිදුකරන ලද විමර්ශන අනුව අතුරුදන් වූ ගැහැණු දරුවා සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති බව පොලීසිය සඳහන් කරයි.

දැරියගේ විස්තර පහතින් දැක්වේ.

නම - නේහා කෞමදි හේරත්

වයස - අවුරුදු 15යි

රූප විස්තර - උස අඩි 5 අඟල් 3ක් පමණ. තලෙළුයි. කොණ්ඩය පිට මැදට වවා ඇති අතර සිහින් සිරුරක් හිමිය.

අවසන් වරට ඇඳ සිටි ඇඳුම - කොළ පැැහැති ටී ෂර්ට් එකක් සහ කළු පැහැති ලොකු කලිසමක්.

එම දැරිය පිළිබඳ යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

මහරගම පොලිස් ස්ථානාධිපති - 071 8591645
පොලිස් ස්ථානය මහරගම - 011 2850222 / 011 2850700


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery