මහනුවරම වට කළ විශේෂ මෙහෙයුම..!

Sri Lanka Police Kandy
By Sewvandhi Mar 05, 2023 08:06 AM GMT
Report

මහනුවර පොලීසිය සහ නිල සුනඛ අංශයේ නිලධාරීන් ඒකාබද්ධව මහනුවර, බෝගම්බර ප්‍රදේශයේ සිදුකළ විශේෂ මත්ද්‍රව්‍ය වැටලීමකදී කාන්තාවන් ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මුලස්ථානය සදහන් කලේ, එහිදී සැකකරුවන් 06 දෙනෙකු සහ සැකකාරියන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 39යි මිලිග්‍රෑම් 265ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

සැකකරුවන් අවුරුදු 26ත් 52ත් අතර වයස්වල පසුවන හීරැස්සගල, සුදුහුම්පොළ, මහයියාව, මහනුවර සහ දිගන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර සැකකාරියන් අවුරුදු 24ත් 49ත් අතර වයස්වල පසුවන කටුගස්තොට සහ රෝහල් පටුමග ප්‍රදේශවල පදිංචිකාරිනියන් බව සඳහන්ය.

ඔවුන් අද (05) මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. අදාළ මෙහෙයුම සඳහා පොලිස් නිලධාරීන් 48 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වී ඇති අතර මහනුවර පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now