පොලිස් ලොක්කන් පිරිසක් අත්අඩංගුවට..හේතුව මෙන්න

By Sithumi Jan 12, 2023 05:49 PM GMT
Report

ගංජා හසුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව ඇතිමලේ පොලීසියේ ස්ථානාධිපතිවරයාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකුගේ නිල නිවසේ තිබී වේළීම සඳහා සකස් කර තිබූ ගංජා පැළ 650කට ආසන්න සංඛ්‍යාවක් පසුගියදා සොයාගැනුණා.  

එම සිද්ධියට අදාළව මොනරාගල කොට්ඨාසය භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන 13 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදී තිබුණා.