අධිකරණය ඉදිරිපිටදීම පොලිස් නිලධාරියෙක් අවසන් ගමන් යයි..

Police spokesman Sri Lanka Police Matara Gun Shooting Latest Headlines
By Sewvandhi Feb 27, 2024 11:32 AM GMT
Report

පොලීසිය පවසන්නේ, මාතර කොටවිල අධිකරණ සංකීර්ණය අසළදී පොලිස් නිලධාරියෙකු වෙඩිතබාගෙන සියදිවි හානිකරගෙන ඇති බවයි.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ 52 හැවිරිදි වියේ පසුවූ කොටවිල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටි සැරයන්වරයෙකි.

ඔහු දීර්ඝ කලක් තිස්සේ ලෙඩ නිවාඩු වාර්තා කර සිට නැවත සේවයට පැමිණ මෙලෙස අද කොටවිල අධිකරණ සංකීර්ණයේ පොලිස් මුරපොළ තුළදී සියදිවි හානිකරගෙන ඇත.