පොලිසියේ දෙදෙනෙකුට හදිසියේම සිදු වූ දේ මෙන්න..

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Department of Prisons Sri Lanka
By Aruna Apr 18, 2024 03:02 PM GMT
Report

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ බවට සැකපිට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වනවා.

ඒ මාවතගම පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ උප පොලිස් පරීක්ෂකවරයෙක් සහ දොරුටියාව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ සැරයන්වරයෙක් බවයි පැවසෙන්නේ.

පොලිස් මුලස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ, ඔවුන්ව අද (18) අත්අඩංගුවට ගෙන තිබූ අතර, මෙම සැකකරුවන් තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තබාගෙන ප්‍රශ්න කිරීමට නියමිත බවයි.