අද රට පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්..සියලු දෙනා අවධානයෙන් සිටින්න..

Sri Lanka Police Sri Lanka Politician Sri Lanka
By Aruna Apr 30, 2023 10:55 PM GMT
Report

අදට(01) යෙදී තිබෙන ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් පැවැත්වෙන මැයි දින පෙළපාලි සඳහා පොලීසිය විසින් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව ආරක්ෂාව, රථ වාහන පාලනය හා මාර්ග ආරක්ෂාව සැලසීම මෙන්ම සාමාන්‍ය රථවාහන ධාවනය විධිමත්ව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කටයුතු මේවනවිටත් සැලසුම් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඒ අනුව කොළඹ නගරයේ පැවැත්වෙන පෙළපාලි සහ රැස්වීම් පිළිබඳ අවධානය යොමු කර ඇති අතර ඒ සඳහා සහභාගී වන පිරිස් පැමිණෙන බස්රථ සහ රථවාහන ගාල් කිරීමට ද වෙන වෙනම ස්ථාන නම් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ, පිට පළාත්වල පැවැත්වෙන මැයි දින රැළි සහ පෙළපාලි සඳහා සුදුසු පරිදි අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසට පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට, දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට මෙන්ම කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්ට පොලිස් මූලස්ථානය මගින් අවශ්‍ය උපදෙස් හා නියෝග ලබාදී ඇති බවයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now