නීතිවිරෝධීව විදෙස්ගතවීමට තැත් කළ පනහකට ආසන්න පිරිසකට සිදු වූ දේ..

Sri Lanka Police Sri Lanka
By krishani Aug 01, 2022 03:28 AM GMT
Report

අද (01) අලුයම බස් රථයකින් සහ වෑන් රථයකින් ගමන් කරමින් සිටින අතරතුර නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගය ඔස්සේ විදෙස්ගතවීමට සූදානමින් සිටි පනහකට ආසන්න පිරිසක් වෙන්නප්පුව - කොලින්ජාඩිය ප්‍රදේශයේදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් ප්‍රංශයට සංක්‍රමණය වීමට සැළසුම් කර තිබූ බව ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණ වී තිබෙන අතර අත්අඩංගුවට ගත් පිරිස අතර, කාන්තාවන් හයදෙනෙකු සහ කුඩා දරුවන් 4 දෙනෙකු ද වන බව පොලිසිය පවසයි.

මොවුන් හලාවත, මාරවිල, මඩකලපුව, ත්‍රිකුණාමලය සහ වවුනියාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join