යකඩ ඉන්නකින් පහර දී සැමියා ඝාතනය කළ බිරිඳකට සිදූ වූ දේ..

Sri Lanka Police Sri Lanka
By krishani Aug 21, 2022 07:28 AM GMT
Report

ඊයේ(20) අලුයම වැලිගම - වල්ලිවල ප්‍රදේශයේ නිවසකදී කාන්තාවක් විසින් යකඩ ඉන්නකින් පහරදී තම 42 හැවිරිදි තම සැමියා ඝාතනය කර තිබේ.

පෙරේදා රාත්‍රී මෙම පුද්ගලයා බීමත්ව පැමිණ බිරිඳ සමග ඇති කරගත් ආරවුලක් හේතුවෙන් බිරිඳ විසින් මෙම පහරදීම සිදුකර ඇති අතර ඝාතනය සිදු කළ සැකකාරිය දරුවන් දෙදෙනා සමග පළා ගොස් සිටියදි පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කාන්තාව මියගිය පුද්ගලයාගේ දෙවන බිරිඳ වන අතර මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව මෘත ශරීරය මාතර මහ රෝහලට යොමුකර ඇත.

වැලිගම පොලිසිය මෙම ඝාතනය සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join