රන් භාණ්ඩ සහ දියමන්ති සොරකම් කළ කතකට වැඩ වැරදෙයි..
                                    
                    Sri Lanka Police
                
                                                
                    Sri Lanka
                
                        
        
            
                
                By krishani
            
            
                
                
            
        
    මහබාගේ ප්‍රදේශයේ රන් භාණ්ඩ සහ දියමන්ති සොරකමක් සම්බන්ධයෙන් සැකකාරියක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ඊයේ (23) රාත්‍රි කොස්මෝදර පොලිස් වසමේ දී ය.
25 හැවිරිදි මෙම සැකකාරිය ලබාදුන් තොරතුරුවලට අනුව සොරාගන්නා ලද රන් භාණ්ඩ සහ දියමන්ති සොයාගෙන ඇති බව පොලිසිය පවසයි.
ඇය දෙණියාය ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර පසුගිය 11 වන දා රන් පවුම් 11 ක් සහ දියමන්ති ඇතුලු රුපියල් ලක්ෂ 30 ක් පමණ වටිනා දේපළ සොරාගත් බවට මහබාගේ පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබිණ.
ඒ අනුව එම සැකකාරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  |