පොලිස් නිලධාරියෙකු සපා කෑ කතකට සිදු වූ දේ..

Sri Lanka Police Kandy
By krishani Aug 08, 2022 04:33 AM GMT
Report

මහනුවර - පේරාදෙණිය ප්‍රදේශයේදී පේරාදෙණිය පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ පොලිස් නිලධාරියකුට පහර දී ඇගිල්ල සහ මුහුණ සපා කෑ කාන්තාවක් සහ තවත් අයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පසුගියදා මෙම පොලිස් නිලධාරියා පේරාදෙණිය ප්‍රදේශයේ රාත්‍රි කාලයේදී රාජකාරියේ නිරත වෙමින් සිටින අවස්ථාවේ දී මෙම කාන්තාව ඇතුළු තවත් පිරිසක් බීමතින් කලහකාරි ලෙස හැසිරී එම අවස්ථාවේ දී අදාළ කාන්තාව සහ තවත් අයෙකු පොලිස් නිලධාරියාට පහරදී සපා කෑම සිදුකර ඇති බව වාර්තා වේ.

සපා කෑමෙන් පොලිස් නිලධාරියාගේ අතක ඇගිල්ලකට සහ මුහුණට තුවාල සිදුව තිබෙන අතර පොලිස් නිලධාරියා ප්‍රතිකාර සදහා මහනුවර ජාතික රෝහලට ඇතුලත් කර ඇත.

සැකකරුවන් මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join