එක් දරු මවකට දිවි අහිමි කළ වන අලි ප්‍රහාරය..

Sri Lanka Police Sri Lanka
By krishani May 17, 2023 07:44 AM GMT
Report

අද(17) අනුරාධපුර - තලාව, ඉහළ වැව ප්‍රදේශයේ දී වනඅලි ප්‍රහාරයකින් එක්දරු මවක් ජීවිතක්ෂයට පත් විය.

එසේ මියගොස් ඇත්තේ, එම ප්‍රදේශයේම පදිංචිව සිටි 63 හැවිරිදි එක්දරු මවක් ය.

දරුවන් බලාගැනීම ඇයගේ රැකියාව වන අතර ඇය අද උදේ කාලයේ 6.30 පමණ තම රැකියාව සඳහා නිවසින් පිටව ගොස් ඇත.

එහිදි අනුරාධපුර තලාව ප්‍රධාන මාර්ගයට පිවිසෙන අතුරු මාර්ගයේ ගමන් කරමින් සිටිය දී ඉහළ වැව ප්‍රදේශයේ දී ඇය මෙම ප්‍රහාරයට ලක් වී ඇත්තේ.

එහිදී එම කාන්තාව එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join