රට රැකියා ලබා දෙනවා කියලා කතක් වංචනිකව මුදල් අරන් - දිනෙන් දින ඉහළ යන විදෙස් රැකියා ජාවාරම්.. මේ ගැනත් දැනුවත් ද?..

Sri Lanka Police Sri Lanka
By krishani May 12, 2023 06:10 AM GMT
Report

රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයින් විදේශ ගත කළ 30 හැවිරිදි කාන්තාවක් කළුබෝවිල ප්‍රදේශයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වැටලීම් ඒකකයට ලද පැමිණිලිවලට අනුව යි.

අත්අඩංගුවට ගත් සැකකාරිය  කළුබෝවිල - දෙහිවල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි කාන්තාවක් වන අතර ඇය සිය නිවසේ බලපත්‍රයක් නොමැතිව මෙම විදේශ රැකියා ඒජන්සිය පවත්වාගෙන ගොස් ඇත.

එමෙන්ම රැකියා ලබාදීම සඳහා සැකකාරිය එක් අයෙකුගෙන් රුපියල් 440,000 ආසන්න මුදලක් අයකරගෙන තිබෙනවා.

මේ අතර, ව්‍යාජ කැනඩා වීසා බලපත්‍රයක් උපයෝගී කරගෙන විදෙස්ගත වීමට තැත් කළ පුද්ගලයෙකු කටුනායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පෙරේදා (10) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විසි එක් හැවිරිදි වඩුකෝට්ටේ ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් වේ.

ඔහු ටොකියෝ හරහා කැනඩාවට යාමට සූදානම්ව සිටිය දී අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ.

එම පුද්ගලයාට ව්‍යාජ වීසා බලපත්‍ර ලබා දුන් පුද්ගලයින් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join