රැකියා දෙනවා යැයි යුවතියන් දෙදෙනෙක් කළ ලක්ෂ ගණනක මුදල් වංචාව..

Sri Lanka Police Mannar Sri Lanka
By krishani May 04, 2023 02:38 AM GMT
Report

කටාර් රාජ්‍යයේ රැකියාවක් ලබාදෙන බවට පවසා රුපියල් ලක්ෂ 06ක මුදලක් වංචා කර ඇති සැකකාරියන් දෙදෙනෙකු ඊයේ (03) පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ මන්නාරම පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලකට අනුවයි.

එම සැකකාරියන් අවුරුදු 23 හා 42 යන වයස් වල පසුවන කයිට්ස් ප්‍රදේශයේ පදිංචිකාරියන් වේ.

ඔවුන් ඊයේ (03) දින මන්නාරම ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇත.

සිද්දිය සම්බන්ධයෙන් මන්නාරම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join