වෙඩි තැබීමකට අදාළව දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට..

Sri Lanka Police Sri Lanka
By krishani Mar 06, 2023 01:10 AM GMT
Report

පසුගිය 28වනදා පානදුර සිදු වූ වෙඩි තැබීමට අදාළව සැකකරුවන් දෙදෙනෙක් ඊයේ (05) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ තෙලිකඩ - ගිණිමැල්ල ප්‍රදේශයේදී ය.

ඔවුන් දෙදෙනා ඝාතනය සිදු කිරීමට අදාළ යතුරුපැදිය පැදවූ පුද්ගලයා සහ වෙඩික්කරු බව පොලිසිය ප්‍රකාශ කළ අතර ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලට අනුව වෙඩි තැබීමට යොදාගත් බව කියන පිස්තෝලයක්, උණ්ඩ 08ක්, සහ ඔවුන් පැදවූ යතුරුපැදිය ද පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 34 සහ 40 යන වයස්වල පසුවන්නන් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join