මැණික් ගල් සහිත සේප්පුවක් සොරා කාලා සිදු වූ දේ..
Sri Lanka Police
Sri Lanka
By krishani
කුරුඳුවත්ත - ඇලෙක්සැන්ඩ්‍රා ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාරික ස්ථානයකින් පහළොස් කෝටි අසූහත් ලක්ෂ තිස් පන්දහසක වටිනාකමකින් යුත් මැණික් ගල් අඩංගු සේප්පුවක් සොරකම් කිරීමේ සිද්ධියකට සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය 8 වනදා කුරුඳුවත්ත පොලිස් ස්ථානයට ලැබුණු පැමිණිල්ලක් මත ඊයේ (30) ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ තොටලග ප්‍රදේශයේදී ය.
මැණික් ගල් 16 ක් පමණ මෙලෙස සොරකම් කර ඇති අතර ඒ සඳහා යොදාගත් වෑන් රථයක් සහ ජංගම දුරකථන දෙකක් පොලිස් භාරයට ගෙන තිබේ.
සැකකරුවන් අද(31) දින මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |