පොලිස් වෙස් ගෙන සොරකම් සහ කොල්ලකෑම් රැසක් කරලා.

Sri Lanka Police Sri Lanka
By krishani Mar 12, 2023 08:05 AM GMT
Report

පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් සොරකම් සහ කොල්ලකෑම් රැසක් සිදුකළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ බස්නාහිර පළාතේ විවිධ ප්‍රදේශවල සිදුකරන ලද සොරකම් සහ කොල්ලකෑම් කිහිපයක් සම්බන්ධයෙන් බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයට ලද තොරතුරක් මත ය.

කොළඹ උතුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදුකළ විමර්ශනයේ දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් සතුව තිබී හොරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 100ක් ද පොලීසිය විසින් සොයාගෙන ඇත.

සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් නවාතැන් ගෙන සිටි කාමරයේ තිබී ජංගම දුරකථන 83ක්, ටැබ් යන්ත්‍ර 04ක් සහ ලැප්ටොප් පරිඝනක 03ක් පොලීසිය විසින් සොයාගෙන ඇත.

වැඩිදුර විමර්ශන සඳහා ඔවුන් මෝදර පොලීසිය වෙත භාරදී ඇති අතර සැකකරුවන් 24 සහ 36 හැවිරිදි හම්බන්තොට සහ පල්ලෙවෙල ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න.යන ඔබට වාසි රැසක්.

වැඩි විස්තර සඳහා මෙතනින් පිවිසෙන්න.