ව්‍යාජ විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන ගිය අඹු සැමි යුවළක් අත්අඩංගුවට..

Sri Lanka Police Sri Lanka
By krishani Dec 30, 2022 07:19 AM GMT
Report

අධ්‍යාපන කටයුතු සඳහා තරුණ තරුණියන්ට පෝලන්තයේ හා තුර්කියේ රැකියා ලබාදෙන බව පවසමින් ව්‍යාජ විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන ගිය අඹුසැමි යුවළක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරින් විසින් සිදුකළ වැටලීමක දී අත්අඩංගුවට ගෙන ඇත.

තිඹිරිගස්යාය ප්‍රදේශයේ මෙම ව්‍යාජ රැකියා නියෝජිතායතනය පවත්වාගෙන ගොස් ඇත්තේ.

පෝලන්තයේ හා තුර්කියේ රැකියා ලබාදෙන බව පවසා එක් පුද්ගලයෙකුගෙන් රුපියල් 555,000 බැගින් මුදල් ලබාගෙන ඇති බවට අනාවරණය වී ඇති අතර මේ සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට පැමිණිලි 11ක් ලැබී ඇත.

වැටලීම සිදුකරන අවස්ථාවේ දී එම ස්ථානයේ තිබී, විදේශ ගමන් බලපත්‍ර 11ක්, කුවිතාන්සි පොත් 4ක්, ප්‍රචාරක අත්පත්‍රිකා 50ක් ඇතුළු ලිපි ලේඛන රැසක් විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join