එක්දින සේවයෙන් පාස්පෝට් හදලා දෙනවා යැයි කියා වංචා කළ පිරිසක් මාට්ටු වෙයි..

Sri Lanka Police Sri Lanka
By krishani Feb 01, 2023 04:25 AM GMT
Report

විදේශ ගමන් බලපත්‍ර සකස් කර දෙන බව පවසා මුදල් වංචා කළ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් එක්දින සේවය යටතේ විදේශ ගමන් බලපත්‍ර සකස් කර දෙන බවට පවසා ජාතික හැඳුනුම්පත් හා ලිපිද්‍රව්‍ය ලබාගෙන මුදල් වංචාව සිදුකර ඇති අතර මේ ගැන තලංගම පොලීසියට ලද පැමිණිලි 3ක් මත විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.

ඊයේ (31) දින තලංගම පොලිස් ස්ථානය මගින් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සන්තකයේ තිබී පැමිණිකරුවන් දෙදෙනෙකුගේ ජාතික හැඳුනුම්පත් ද සොයා ගෙන ඇත.

එක් පැමිණිල්ලකට අදාළ සැකකරුවෙකු බොරලැස්ගමුව පොලිස් ස්ථානය මගින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු සන්තකයේ තිබී ජාතික හැඳුනුම්පතක්, රු 15,000ක් සහ විදේශ ගමන් බලපත්‍ර සකස් කරන ලද ව්‍යාජ ටෝකන් පත් 9ක් සොයා ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 47 හා 65 යන වයස්වල මාලඹේ සහ කොළඹ 9 ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර සැකකරුවන් අද (01) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join