පොලිස් නිළධාරින් දෙදෙනෙකු කළ රන් භාණ්ඩ සොරකම.

Sri Lanka Police
By krishani Feb 15, 2023 08:30 AM GMT
Report

රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, පානදුර මූලස්ථාන පොලීසියේ අපරාධ අංශ ස්ථානාධිපතිවරයා සහ කොස්තාපල්වරයෙක් ය.

අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් සතුව තිබූ රන් භාණ්ඩ අතරින් රන් පවුම් 07ක් අධිකරණයට ඉදිරිපත් නොකර තමන් සන්තකයේ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම පොලිස් නිලධාරීන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඒ මහනුවර කොට්ඨාස අපරාධ අංශයේ නිලධාරීන් විසින් ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join