ලක්ෂ 30ක කේරළ ගංජා තොගයක් හමු වෙයි..

Sri Lanka Police Sri Lanka
By krishani May 01, 2023 07:37 AM GMT
Report

කොළඹ නගරයේ අලෙවි කිරීමට ගෙන එමින් සිටි කේරළ ගංජා සමග ආරක්ෂක අංශ නිලධාරින් දෙදෙනකු සහ තවත් සිවිල් අයෙක් පොලිස් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පූනෑව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර යුද හමුදා සෙබලෙක්, නාවික හමුදා සෙබලෙක් ද වේ.

මේ අතර, ඔවුන් සතුව කේරළ ගංජා කිලෝග්‍රෑම් 10ක් තිබී පොලිස් භාරයට ගැනුණු අතර එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ 30කට ආසන්න බව මූලික පොලිස් විමර්ශනවල දී හෙළිව ඇත්තේ.

අදාළ කේරළ ගංජා තොගය කොළඹට ගෙනැවිත් ඇත්තේ යාපනය ප්‍රදේශයේ සිට වන අතර සිද්ධිය සම්බන්ධයෙන් පූනෑව පොලිසිය විසින් විමර්ශන ක්‍රියාත්මකයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join