සේවිකාවන් තිදෙනෙකුට අතවර කරලා..

Sri Lanka Police Sri Lanka
By krishani Mar 29, 2023 03:39 AM GMT
Report

රක්ෂණ ආයතනයක සේවිකාවන් තිදෙනෙකුට ලිංගික අතවර කිරීම සම්බන්ධව පුත්තලම කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයට ලද පැමිණිල්ලක් මත සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් වයස අවුරුදු 33 හා 45 වයස්වල පසුවන පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර එක් සැකකරුවෙක් එම ආයතනයේ සාමාන්‍යාධිකාරීවරයෙක් ලෙස සේවය කරන පුද්ගලයෙක් ය.

ඊයේ (28) පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුවන්ට රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප මත මුදා හැර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join