මෝටර් රථයක් පැහැරගත් තුන් කට්ටුවකට වැඩ වරදී.

Sri Lanka Police Sri Lanka
By krishani Feb 18, 2023 05:26 AM GMT
Report

රියදුරෙකුට පහර දී රුපියල් ලක්ෂ 55ක් වටිනා මෝටර් රථයක් සහ රුපියල් 71ක් දහසක් වටිනා දේපළ සොරා ගැනීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය ජනවාරි 27 වැනිදා නිවිතිගල ප්‍රදේශයේ දී සැකකරුවන් එම කොල්ලකෑම සිදුකර ඇති අතර සැකකරුවන් දෙදෙනෙකු රත්නපුර සහ කඩුවෙල ප්‍රදේශවල දී අත්අඩංගුවට ගෙන ඇත.

සොරා ගන්නා ලද මෝටර් රථය කොටස් කර අලෙවි කිරීමට සුදානම් කර තිබියදී තවත් සැකකරුවෙකු සමග මැල්සිරිපුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් 25, 26 හා 37 හැවිරිදි කඩුවෙල, රත්නපුර සහ මැල්සිරිපුර යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් රත්නපුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (18) ඉදිරිපත් කිරීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join