හෙරොයින් එක්ක සරසවි සිසුවෙක් ඇතුළු 03ක් මාට්ටු වෙලා..

Sri Lanka Police Sri Lanka Drugs
By krishani May 24, 2023 06:03 AM GMT
Report

වැල්ලවාය ප්‍රදේශයේ දී හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගෙන සිටි ව්ශ්වවිද්‍යාල සිසුවකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 760ක්, ග්‍රෑම් 6යි මිලිග්‍රෑම් 530ක් සහ මිලිග්‍රෑම් 15ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් මාතර, බලහරුව සහ වෙහෙරයාය ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

මේ අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join