කුකුළන් 31ක් හොරෙන් උස්සලා - පොලිස් කොස්තාපල්වරයෙක් ද හවුල් වෙලා..

Sri Lanka Police Sri Lanka
By krishani Dec 31, 2022 06:01 AM GMT
Report

කොටදෙණියාව - දොඹවින්න, රජයේ සත්ත්ව ගොවිපෙලෙහි අභිජනනය සඳහා වෙන් කර තිබූ කුකුළන් 31 දෙනෙකු සොරා ගත් පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය 29 වන දා රාත්‍රියේ දී මෙම සොරකම සිදුකර ඇත්තේ.

ඔවුන් විසින් පුළුස්සා ආහාරයට ගැනීමට සැකසූ කුකුළන් 15 දෙනෙකු ද පොලීසිය විසින් සොයා ගන්නා ලදී.

සැකකරුවන් කොටදෙණියාව සහ වැලිහිඳ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join