කෑගල්ලට ගෙනා අසුපිණි ඇල්ල ජල යෝජනා ක්‍රමයට සිදුකළ දේ.. සාමාන්‍ය පෙළ සිසුන් 06ක් පොලිස් අත්අඩංගුවට..

Sri Lanka Police Kegalle Sri Lanka Sri Lanka Police Investigation
By krishani May 28, 2023 09:06 AM GMT
Report

කෑගල්ල - අරණායක අසුපිණි ඇල්ල ජල යෝජනා ක්‍රමය සඳහා ගෙනවිත් තිබු ජලනල තොගයක් ගිනිගැනීමේ සිද්ධියකට අදාළව පාසල් සිසුන් 6ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අරණායක පොලීසිය විසින් සිදුකළ විශේෂ විමර්ශනයකින් අනතුරුවයි.

එම අදාළ ජල යෝජනා ක්‍රමය පසුගිය ඉරිදා පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විවෘත කළේ ය.

ඊට දින දෙකකට පෙර මෙම ජලනල තොගය ගිනිගැනීමට ලක්ව තිබු අතර  එම ගිනිගැනීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවට වාර්තා වී ඇත.

ඒ සමග අරණායක පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කළ අතර ඒ අනුව ජලනල තොගය ගිනිගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාසල් සිසුන් 06 දෙනෙකුගෙන් අරණායක පොලීසිය විසින් ප්‍රශ්න කිරීම් කර තිබෙනවා.

එම පාසල් සිසුන් 06දෙනා ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන අතර ඔවුන් මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් පිරිසක් වේ.

විමර්ශනවලින් අනතුරුව අදාළ සිද්ධියට එම සිසුන් සම්බන්ධ වී ඇති බව අනාවරණය වී ඇත.

ඒ හේතුවෙන් ඔවුන්ව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join