මාකඳුරේ මධූෂ්ගේ ප්‍රධාන ගෝලයා පොලිස් විශේෂ කාර්ය බලකා අත්අඩංගුවට.
Sri Lanka Police
STF
By krishani
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මාකඳුරේ මධූෂ්ගේ ප්‍රධාන ගෝලයා ලෙස හැඳින්වෙන පුද්ගලයෙකු නවගමුව, නුගගහවත්ත පාර ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු සතුව තිබී කේරළ ගංජා කිලෝ 12 ක් සොයා ගෙන ඇත.
විමර්ශණවල දී අනාවරණය වී ඇත්තේ මොහු මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ මාකඳුරේ මධූෂ් නැමති පුද්ගලයා සමග ඩුබායි රාජ්‍යයේ දී අත්අඩංගුවට පත්ව මෙරටට පිටුවහල් කරන ලද අයෙකු බව ය.
සැකකරු කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 48 ක් වන පුද්ගලයක් වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |