ලැප්ටොප් 15ක්,ටැබ් 03ක් සහ ලක්ෂ 12කට අධික මුදලක් සොරකම් කළ අමුතු සොරෙකු අත්අඩංගුවට..
                                    
                    Sri Lanka Police
                
                                                
                    Sri Lanka
                
                        
        
            
                
                By krishani
            
            
                
                
            
        
    දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඇගළුම් කර්මාන්තශාලා සහ ව්‍යාපාරික ආයතන රැසකට ඇතුලු වී දේපල සහ මුදල් සොරකම් කළ පුද්ගලයෙකු ඊයේ (21) නවගමුවේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
28 හැවිරිදි සැකකරු නුගේගොඩ ප්‍රදේශයේ කුලී නිවාස හා ලැගුම්හල්වල තාවකාලිකව රැදී සිටිමින් මෙම සොරකම්වල නිරත වී ඇත.
නවගමුව, ගල්කිස්ස,පූගොඩ, කොස්ගොඩ, අවිස්සාවේල්ල සහ හුංගම ප්‍රදේශවල ඇගළුම් සහ පෞද්ගලික ආයතනවල සේවය කරමින් ලැප්ටොප් පරිගණක 15ක්, ටැබ් යන්ත්‍ර 03ක් සහ ලක්ෂ 12කට අධික මුදලක් ඔහු සොරකම් කර ඇත.
සැකකරු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවෙකී.
| සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.. | 
 
                 
                 
                                             
        
     
     
     
     
    